Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුව කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා වරෙන්තුව නැවත කැඳවා ඇත.

විත්තියේ නීතිඥ අභිමානි රන්දෙණිය මහත්මිය අධිකරණය හමුවේ පෙනී සිටිමින් ප්‍රකාශ කර ඇත්තේ තමා එම අවස්ථාවේ අභියාචනාධිකරණය හමුවේ නඩුවක පෙනී සිට ඇති බව ය.

තව ද විත්තිකාරිය අධිකරණයෙන් පිටත සිට ඇයගේ මාස 1 1/2 වයසැති බිළිඳාට කිරි පොවමින් සිට ඇති බවත් වැරදීමකින් වෙලාව 10.00 ලෙස සිතා සිටි බව ද නීතිඥවරිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.

නැවත මෙවැනි අතපසුවීමක් නොවීමට වගබලා ගන්නා බව සහ මානුෂීය හේතූන් මත ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් සමාව ඉල්ලා සිටින බව නීතිඥවරිය අධිකරණය හමුවේ පැවසීය.

ඒ අනුව, මෙම නඩුව පරණ නඩු වාර්තා කැඳවීමට හා විභාගය සඳහා දින නියම කිරීම සඳහා නැවත ලබන ජුනි මස 17 කැඳවීමට විනිසුරුවරයා නියෝග කළේය.

දෙමටගොඩ ප්‍රදේශයේදී ඩිෆෙන්ඩර් රථයකින් තරුණයෙකු පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුව අද (10) දින කැඳවා තිබූ අතර එම අවස්ථාවේ අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් අද උදෑසන කොළඹ මහාධිකරණය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට වරෙන්තු නිකුත් කළේ ය.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි පුවත්