Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ලෝක වෙළෙද මධ්‍යස්ථානයේ 35 වන මහලේ පිහිටි ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනයක් වන හිරු මාධ්‍ය ජාලයට අයත් මාධ්‍ය නාලිකාවක (Sooriyan FM) සේවය කරනු ලබන සේවකයින් සිව්දෙනෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති සේවකයින් සිව්දෙනා මට්ටක්කුලිය සහ ජින්තුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.

සේවකයින් අතරින් එක් අයෙකු ඊයේ ආසාදනය වී ඇති අතර ඉතිරි තිදෙනා අද (11) අසාදනය වී තිබෙනවා.

කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 35 මහලේ අදාළ ගුවන්විදුලි නාලිකාව පැවති ස්ථානය මේ වන විට හුදෙකලා කර ඇති බවයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *