Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

හිෂාලිනී ජූඩ් දැරිය පිලිස්සී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ බිරිඳ මෙන්ම මාමන්ඩිය ලබන 17 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, ඊට අදාළ නඩුව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳ වූ අවස්ථාවේදි යි.

එහි දී මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි 03 වන සහ 04 වන සැකකරුවන් වූ රිෂාඩ් බදියුදීන්ගේ මස්සිනා සහ හිෂාලිනි දැරිය මෙහෙකාර සේවයට යෙද වූ තැරැව්කරු ඇප මත මුදාහැරීමට යි අධිකරණය නියෝග කළේ.

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ මස්සිනාට රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ අධිකරණය, ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය භාරයට පත්කරන ලෙස නියෝග කළා.

එමෙන්ම, තැරැව්කරු රුපියල් ලක්ෂ 03 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට යි එහි දී අධිකරණය නියෝග කළේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *