Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොළඹ, වේල්ල වීදියේ දී හමුවූ ගමන් මල්ලක දමන ලද හිස නැති මළ සිරුර අදාළ පුද්ගලයා විසින් 143 මාර්ග අංකය ඔස්සේ ධාවනය වන හංවැල්ල – පිටකොටුව බස් රථයක රැගෙන පැමිණ ඇති බව මේ වන විට අනාවරණය වී තිබෙනවා.

පුද්ගලයා පැමිණි බස් රථයේ රියැදුරුගෙන් සහ කොන්දොස්තරගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර අදාළ පුද්ගලයා ගමන් මල්ල ද රැගෙන හංවැල්ල ප්‍රදේශයෙන් බස් රථයට ගොඩ වුණු බව ඔවුන් ලබා දුන් ප්‍රකාශ වලින් සනාථ වී තිබෙනවා.

එම බස් රථය ද පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වනවා.

මළ සිරුරේ හිස එහි නොමැති වීම නිසා අනන්‍යතාව තහවුරු කර ගැනීමට අපහසු වී ඇතැයි පොලිසිය සඳහන් කළා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *