Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පොලිසිය විසින් ගුවන් හමුදාවේ සහය ඇතිව හුදෙකලා කොට ඇති මෝදර ප්‍රදේශයේ සිදුකළ හෙලිකොප්ටර් සහ ඩ්‍රෝන ගුවන් නිරීක්ෂණ මෙහෙයුමකින් පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ පිරිසට එරෙහිව ඉදිරියේදී නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ නීතිමය පියවර ගන්නා බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම මෙහෙයුම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ ක්ෂණික විහිදුම් බලකාය, පොලිසිය සහ ගුවන් හමුදාව එක්ව සිටියා.

ඊයේ දිනයේදී ද සිදුකළ ගුවන් නිරීක්ෂණ මෙහෙයුමකින් මෝදර ප්‍රදේශයේ දී පුද්ගලයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් පළකරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ් කළේ හුදෙකලා කොට ඇති ප්‍රදේශවල ජනතාව සෑමවිටම නිවෙස් තුල රැඳී සිටිය යුතු බවයි. යම් හදිසි අසනීප තත්ත්වයක් ඇතිවුවහොත් ඔහුව රෝහල කරා රැගෙන යාමට ඇඳිරි නීති බලපත්‍රයක් අවශ්‍ය නොවන බවද මෙහිදී ඔහු ප්‍රකාශ කර සිටියා.

මේ අතර, මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 15,723 ක් වනවා. ඒ අතරින් මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඞ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 12,226 ක්. මේ වනවිට රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 5,022 ක් වනවා. සුවය ලැබූ පුද්ගලයින් ගණන 10,653 ක්.

මේ අතර, මෙරට කොවිඞ් 19 ආසාදිතයින්ගේ පළමු සහ දෙවන ආශ‍්‍රිතයින් තිස්දහසක් පමණ මේ වනවිට ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව, කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පවසනවා. එම මධ්‍යස්ථානය සදහන් කළේ, ති‍්‍රවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 30 ක් තුළ මේ වනවිට පුද්ගලයින් 2,845 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බවයි.

ඊයේ දිනය තුළදී පී සී ආර් පරීක්ෂණ 10,111 ක් සිදු කර ඇති අතර මේ වනවිට මෙරට තුළ සිදු කර ඇති සමස්ත පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව හයලක්ෂ 37,122 ක් බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය වැඩිදුරටත් සදහන් කළේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *