Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ජල කප්පාදුවක් හේතුවෙන් හෙට (31) රාත්‍රී 10 සිට අප්‍රේල් පළමුවන වන දා දක්වා ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ 14කට පැය 18ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරනවා.

වත්තල ජල සම්පාදන ක්‍රමය මගින් මාර්ග සංවර්ධනයට සමගාමිව හේකිත්ත ජල මාර්ගයේ ජල නළ පද්ධතියේ වැඩි දියුණු කිරීමක් හේතුවෙන් අප්‍රේල් පළමුවන වන දා සවස හතර දක්වා ජල සැපයුම අත්හිටුවිමට නියමිතයි.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරන පරිදි ජල කප්පාදුව සිදුකරන ප්‍රදේශ පහත පරිදි වේ.

වත්තල
මීගමු පාර
ඇවරියවත්ත පාර
වනවාසල
ඔලියමුල්ල
තෙලඟපාත
මීගහවත්ත
හේකිත්ත
මරදාන පාර
ඇලකන්ද
පල්ලියවත්ත
වැලිඅමුණ පාර
හැඳල පාරේ කොටසක්
බලගල
ගලහදූව

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *