Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග හෙට(21) ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී චරිත් අසලංකට ටෙස්ට් වරම් හිමි නොවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න අද(20) තහවුරු කළා.

පළමු තරගයේ දී පැතුම් නිස්සංක තමා සමගින් ඉනිම ආරම්භ කිරීමට නියමිත බවයි ඔහු අද පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කළේ.

අංක 3 පිතිකරු ලෙස ඕෂද ප්‍රනාන්දු ද, කඩුලු රකින පිතිකරුවා ලෙස දිනේෂ් චන්දිමාල් ද කටයුතු කරන බව දිමුත් කියා සිටියා. මෙම තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම පිතිකරුවන් 6 දෙනෙකු හා පන්දු යවන්නන් 5 දෙනෙකු සමගින් ක්‍රීඩා කිරීමට නියමිතයි.

පිතිකරුවන් ලෙස දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, ඕෂද ප්‍රනාන්දු, ඇන්ජෙලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් හා ධනංජය ද සිල්වා ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

දග පන්දු යවන්නන් ලෙස ලසිත් ඇඹුල්දෙණිය, ප්‍රවීන් ජයවික්‍රම හා රමේෂ් මෙන්ඩිස් යන ප්‍රධාන දග පන්දු යවන්නන් තිදෙනාම ක්‍රීඩා කිරීමට නියමිත බව ද ශ්‍රී ලංකා නායකයා සදහන් කර සිටියා.

සුරංග ලක්මාල් හා දුෂ්මන්ත චමීර වේග පන්දු යවන්නන් ලෙස කණ්ඩායමට එක් වනු ඇති. පළමු ටෙස්ට් තරගය හෙට පෙරවරු 10ට ගාල්ලේ දි ආරම්භ වීමට නියමිතයි.

මේ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම අද පෙරවරුවේ දී සිය අවසන් පුහුණු සැසියට ද එක් වුණා.

එම තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම අද (20) නම් කෙරිණි.

  1. දිමුත් කරුණාරත්න (නායක)
  2. පැතුම් නිශ්ශංක
  3. ඔෂධ ප්‍රනාන්දු
  4. ධනංජය ද සිල්වා
  5. ඇන්ජලෝ මැතිව්ස්
  6. දිනේෂ් චන්දිමාල් (කඩුලු රකින)
  7. රමේෂ් මෙන්ඩිස්
  8. ප්‍රවීන් ජයවික්‍රම
  9. ලසිත් ඉඹුල්දෙණිය
  10. දුෂ්මන්ත චමීර
  11. සුරංග ලක්මාල්

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසා සිටියේ,

ඔව් මාස 7කට පස්සේ තමයි ක්‍රීඩා කරන්නේ. ඇත්තට ම ගොඩක් අමාරුයි ක්‍රිකට්වලින් ඈත්වෙලා ඉදලා ආපහු එන්න. මේ කොවිඩ් එකත් එක්ක ගොඩක් ප්‍රශ්න තිබුණා අපිට පුහුණුවීම් කරන තැන්වල පවා. නමුත් අපිට හම්බුණ හැම අවස්ථාවේ දීම ගොඩක් හොඳට පුහුණුවීම් කරා.

ගාල්ලට ඇවිල්ලත් අපි එක දිගට පුහුණුවීම් කරා. ගොඩක් අයට ලෝක කුසලාන කණ්ඩායමත් එක්ක කට්ටියක් ගියා. මෙහෙ හිටියේ තුන් හතර දෙනයි. මගේ ඕපනින් පාට්නර් ගැන කිව්වොත් ළහිරු තිරිමාන්නට එන්න වෙන්නේ නෑ. අපි බලාපොරොත්තු වෙනවා පැතුම් එක්ක ඕපන් කරන්න.

ඕෂධ තමයි නොම්බර 3 ක්‍රීඩා කරන්නේ. ඒ වගේම කඩුලු රකින්නා වශයෙන් දිනේෂ් චන්දිමාල් පත් කරන්න බලාපොරොත්තු වෙනවා.

Leave a Reply

Your email address will not be published.