Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

එළඹෙන අලුත් අවුරුදු සමය තුළ කාර්යාල දුම්රිය ඇතුළු මගී දුම්රිය ගමන්වාර 30කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, හෙට (13) සහ අනිද්දා (14) දින දෙකේ පමණක් එම දුම්රිය ගමන්වාර අවලංගු කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

කෙසේවෙතත් අලුත් අවුරුදු සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් සහ යළි කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ දුම්රිය සේවා සුපුරුදු පරිදි ක්‍රියාත්මක වන බවයි සඳහන් කළේ.

මේ අතර අවුරුදු සමය තුළ ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ බස් රථ සේවය කිසිඳු ගැටලුවකින් තොරව ක්‍රියාත්මක වන බව ප්‍රවහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *