Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

රට පුරා සියලුම ගර්භණී මවුවරුන් ට කොවිඩ් මර්ධන එන්නත් ලබා දීමේ විශේෂ එන්නත් සතියක් පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

මෙම මස 24 අඟහරුවාදා දින සිට පුරා සතියක් එම විශේෂ එන්නත්කරණ වැඩපිළිවෙල පැවැත්වෙන බවයි පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශයේ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා ප්‍රකාශ කොට ඇත්තේ.

මේ වනවිට රට තුළ ගර්භනී මවුවරුන් 3,800 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි ද එම මහත්මිය පවසයි.

එයින් මවුවරුන් 850ක් දෙනා මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවත් මවුවරුන් 27ක් මේ වනවිට මියගොස් ඇති බවත් ඇය ප්‍රකාශ කරයි.

එබැවින් ගර්භණී මවුවරුන් මෙම කොවිඩ් එන්නත ලබා ගැනීම ඉතා වැදගත් බවත් හෙට (24) දින සිට පුරා සතියක් පැවැත්වෙන මෙම විශේෂ එන්නත්කරණ සතිය තුළ තම ප්‍රදේශවල පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට ගොස් නියමිත එන්නත් ලබා ගැනීමට උනන්දුවන ලෙසත් මෙරට සියලුම ගර්භණී මවු වරුන්ගෙන් ඉල්ලා සිටින බව ද විශේෂඥ වෛද්‍යවරිය කීය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *