Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

බදාදා දිනයේ දී විදුලි කප්පාදුව පැය හතර හමාරක් ඉක්මවිය විය හැකි බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නයක මහතා පවසයි.

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් පැය හතක විදුලිය කප්පාදුවක් සඳහා ලංකා විදුලි බල මණ්ඩලය අවසර ඉල්ලා තිබුණද යම් තරමක ඉන්ධන ප්‍රමාණයක් විදුලි බලාගාරවලට ලැබීමට නියමිත බැවින් මෙම කප්පාදුව පැය හතර හමාරකට ආසන්න කාලයක් දිවයින පුරා විදුලිය විසන්ධි කිරීමකට ලක් වනු ඇති බව කණගාටුවෙන් වුව ද දන්වන බව සභාපතිවරයා අද සවස පැවසීය.

පවතින ප්‍රශ්නයට හේතුව බලාගාර ධාවනයට අවශ්‍ය ඉන්ධන නිසි වෙලාවට නොලැබීම වන අතර මේ තත්ත්වය නිසා අද දිනයේ දී මෙගාවොට් 700ක් ධාරිතාවක් ජාතික පද්ධතියට අහිමි වී ඇති බව සඳහන් කළ ජනක රත්නායක මහතා, මේ අනුව හෙට දිනයේ විදුලිය කප්පාදුව කරන බව සඳහන් කළේය.

හෙට උදේ 8.30 සිට රාත්‍රි 10.30 දක්වා කාලය තුළ කලාප අනුව උදේ පැය පැය දෙකකුත් රෑ පැය දෙකයි විනාඩි 40කුත් විදුලිය කපා හැරෙන අතර හෙට දිනයේ දී ඉන්ධන ලැබුණෙහොත් අනිද්දා විදුලිය කැපීමේ කාලය අඩු කර ගත හැකි වනු ඇති බව සඳහන් කළේය.

දිගින් දිගටම අදාළ ආයතනවලට අනතුරු ඇඟවීම් කළ ද ඒ පිළිබඳව නොසලකා හැරීම මත අර්බුදය උග්‍ර වී ඇති බවත් හෙට දිනයේ දී උසස් පෙළ විභාගය ලියන සිසුන්ට මේ විදුලිය කප්පාදුවෙන් අසාධාරණයක් සිදුවන බව තමන් පිළිගන්නා බවත් ඔහු එහි දී පැවසීය.

කලාප 3කට පැය 4කුත් මිනිත්තු 40 කාලයක් සහ අනෙකුත් කලාපවලට පැය 4කුත් මිනිත්තු 30ක කාලයක් විදුලිය විසන්ධි කෙරෙනු ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published.