Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දිවයින පුරා මේ වනවිට පනවා ඇති සංචරණ සීමා හෙට අලුයම හතරට ලිහිල් වනවා. ඒ අනුව ජාතික හැඳුනුම්පතේ අවසන් අංකයට අනුව නිවසින් බැහැරට යාමට හෙට සිට අවස්ථාව හිමිවන බවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ, හෙට දිනය 17 වනදා බැවින් නිවෙස්වලින් බැහැරව යා හැක්කේ ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය ඔත්තේ සංඛ්‍යාවක් නම් පමණයි.

එය උල්ලංඝනය කරමින් ගමන් කරන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මීට පෙර සඳහන් කළා. කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවාවන් සඳහා නිවසින් බැහැරව යන පුද්ගලයින්ට ජාතික හැඳුනුම්පත් අංකයට අනුව පිටතට යාමේ නීතිය බලාත්මක නොවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *