Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

නොවැම්බර් 1 සඳුදා සිට Android ජංගම දුරකථන කිහිපයකට WhatsApp තවදුරටත් ක්‍රියාත්මක නොවන බවට එම සමාගම නිවේදනය කර සිටිනවා.

මෙහි ප්‍රතිඵලයක් ලෙස, අදාළ Android පද්ධති ක්‍රියාත්මක වන WhatsApp පරිශීලකයින් තවමත් ඔවුන්ගේ Chat වෙනත් දුරකථනයකට බැකප් (Backed Up) හෝ සේව් (Save) කර නොමැති නම් ඒවා අහිමි වනු ඇත.

WhatsApp සිය ක්ෂණික පණිවිඩ සේවාව දිගටම භාවිතා කිරීම සඳහා, ඊට සහාය දක්වන (Update පැමිණෙන) උපාංගයන් වෙත මාරු වන ලෙස පරිශීලකයින්ට නිර්දේශ කර තිබේ.

Android 4.1 සහ ඊට පසුව නිකුත් වූ Android සංස්කරණයන් (Android Versions) සහිත ජංගම දුරකථන සහ උපාංග යෙදුම් සඳහා තවදුරත් WhatsApp භාවිතා කල හැකි අතර Android 4.0.4 සහ ඊට පෙර නිකුත් වූ Android සංස්කරණයන් සහිත දුරකථන වලට WhatsApp තවදුරටත් භාවිතා කිරීමට නොහැකි වෙයි. WhatsApp නව iOS මෙන්ම KaiOS මෙහෙයුම් පද්ධති සඳහා ද සහය දක්වයි.

අදාළ Android සංස්කරණයන සහිත ජංගම දුරකථන හෝ උපාංග හිමි WhatsApp පරිශීලකයින්ට නියමිත දිනට පෙර සහාය දක්වන උපාංගයකට මාරු වී ඔවුන්ගේ සංවාද ඉතිහාසය (Chat History) ආරක්ෂා කර ගන්නා ලෙසට උපදෙස් ලබා දී ඇත.

WhatsApp ඔබගේ Android උපාංගය සඳහා සහය දැක්වීම අවසන් කරන්නේ දැයි පරීක්ෂා කරන්නේ කෙසේද?

WhatsApp තව දුරටත් එහි යෙදුම මගින් සහය නොදක්වන සියලුම උපාංග පිළිබඳව පැහැදිලිව සඳහන් කර නොමැත. නමුත්, පහත පියවර අනුගමනය කිරීමෙන් WhatsApp ඔබගේ Android උපාංගය සඳහා තවදුරටත් භාවිතා කල හැකි දැයි පරීක්ෂා කළ හැක.

Settings > About phone වෙත යන්න. ඔබගේ දුරකථනයේ ධාවනය වන ඇන්ඩ්‍රොයිඩ් අනුවාදය (Android Version) කුමක් දැයි බැලීම උදෙසා පහළට යන්න. එය ඇන්ඩ්‍රොයිඩ් 4.0.4 හෝ ඊට අඩු නම්, ඔබගේ දුරකථනයට තවදුරටත් WhatsApp ක්‍රියාත්මක නොවෙනු ඇත.

ඔබගේ දුරකථනය එසේ ක්‍රියාත්මක නොවන WhatsApp සංස්කරණයක් සහිත උපාංගයක් නම් ඔබගේ Chat Backup කරගැනීම ඉතා ඉක්මනින් සිදු කල යුතුවේ.

පරික්ෂා කරගත හැකි ආකාරය සහිත Video Tutorial පහතින්,

ඔබේ WhatsApp සංවාද backup කිරීම කළ හැක්කේ කෙසේද ?

WhatsApp Settings වෙත යන්න.

Settings > Chat > Chat backup > Back up from the WhatsApp settings. ඔබට එම කතාබස් විවෘත කර ඔබේ තිරයේ ඉහළ-දකුණු කෙළවරේ ඇති තිත් තුනේ මෙනුව තට්ටු කිරීමෙන් ඔබට තනි පුද්ගල හෝ කණ්ඩායම් වශයෙන් සිදුකරන ලද සංවාද ( Chats) export කළ හැකිය.

ඒ සඳහා ඔබ කළ යුත්තේ… Tap More> Export Chat. ඔබට චැට් තුළ ලැබී ඇති audio, photos සහ Video වැනි මාධ්‍ය ගොනු සමඟින් හෝ කිසිදු මාධ්‍ය ගොනුවක් නොමැතිව ඔබේ කතාබහ export කිරීමට අවශ්‍යද යන්න තේරීමට WhatsApp ඔබට ඉඩ සලසයි.

Android 4.1 සහ පසු අනුවාද සමඟින්, WhatsApp දැනට iOS 10 (iPhone 5 සහ පසු මාදිලිවල සහය දක්වයි) නව මෘදුකාංග සමග වන iPhone සහ KaiOS 2.5.0 සහ පසුව ධාවනය වන Jio Phone සහ Jio Phone 2 වැනි විශේෂාංග දුරකථන සඳහා සහය දක්වයි.

WhatsApp chat backup කල හැකි ආකාරය සහිත Video Tutorial පහතින්,

Sharing is caring!

2 Comments

  • Lucky weerathunge, 2021-11-04 @ 11:56 AM Reply

    Good information, thanks.

  • Lucky weerathunge, 2021-11-04 @ 11:57 AM Reply

    Good information thanks

Leave a Reply

Your email address will not be published.