Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මහජනතාවගේ අයිතිවාසිකමක් අහිමිකරමින් හෙට දිනයේ සිට පැය 7.30ක විදුලි කප්පාදුවක් සදහා අවසර දීමට සිදුවු අද දිනය අඳුරු දවසක් බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සදහන් කරයි.

මේ වන විට පැන නැගී ඇති ගැටළුව විදුලි අර්බුදයක් නොවන අතර මුල්‍ය අර්බුදයක් හා විදේශ විනිමය අර්බුදයක් හේතුවෙන් විදුලි සැපයුමට බාධා පැමිණීමකි.

ලංකා ඛණිජ තෙල් සංස්ථාවට ඉන්ධන ආනයන සදහා අවශ්‍ය විදේශ විනිමය ලබාදෙන ලෙස මහා භාණ්ඩාගාරයට හා ශ්‍රී ලංකා මහ බැංකුවට අතිගරු ජනාධිපති තුමා විසින් ද උපදෙස් දී තිබුණ ද ඒ උපදෙස් වලට අනුව අදාල පාර්ශවයන් ක්‍රියාකර ඇති බවක් නොපෙනේ.

අවශ්‍ය ඉන්ධන නොලැබීම හේතුවෙන් ඉන්ධන බලාගාර අක්‍රිය වී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා..

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට පැවරී ඇති වගකීම වන්නේ අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීමයි. ඒ් වගේම ලංකා විදුලි බල මණ්ඩලය ඇතුළු බලපත්‍රලාභින්ගේ මුල්‍ය තත්වය යහපත් තත්වයෙන් පවත්වාගැනීම තහවුරුකිරීමත් අපේ වගකීමක්. විදුලිබල කර්මාන්තය සම්බන්ධයෙන් රජයට උපදෙස් දීමේ වගකීමත් අපට පැවරී තිබෙනවා. ඉංධන අර්බුදය හේතුවෙන් විදුලි සැපයුමට ඇතිවන බාධා වැළැක්වීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් උපදෙස් මාලාවක් අපි රජයට ඉදිරිපත් කර තිබුණා. එහෙත් මේ වන තුරු රජය හෝ අමාත්‍ය මණ්ඩලය විසින් එම යෝජනා සැළකිල්ලට ගත් බවක් පේන්නට නැහැ. ඉංධන අර්බුදය හේතුවෙන් පැන නැගුණ විදුලි අර්බුදය වැරැදි මුල්‍ය ප්‍රතිපත්ති වල ප්‍රථිපලයක් බව ද කිව යුතුයි. වැරැදි මුල්‍ය ප්‍රතිපත්තිය කියල අදහස් කලේ අප සතු වු විදේශ විනිමය ඥානාන්විතව භාවිත නොකිරීම. එහිදී මුලිකත්වය ලබාදෙන්න තිබුණේ ඉංධන ඇතුළු අපට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය සදහායි. නමුත් සිදුවුණේ ණය ගෙවීමට පැවති විදේශ විනිමය භාවිත කිරීම හා ඒ් නිසා අද වන විට අත්‍යවශ්‍ය ඉංධන ආනයනයට මුදල් අහිමිවීම. දිනකට පැය 7ක් 8ක විදුලි කප්පාදුවක් නිසා සුළු, මධ්‍යම හා විශාල පරිමාණ කර්මාන්ත සියල්ල අක්‍රිය වෙනවා. සමස්ත ආර්ථිකයම අගාදයකට ඇද වැටෙන බව කිව යුතුයි

විදුලි ජනනය සදහා අවශ්‍ය ඉන්ධන ආනයනයට ලංකා විදුලි බල මණ්ඩලයට පහසුකම් සපයන ලෙස මහා භාණ්ඩාගාරයට හා ශ්‍රී ලංකා මහ බැංකුවට දන්වා ඇතත් ඒ් සම්බන්ධයෙන් අදාල ආයතන ප්‍රතිචාර දක්වා නොමැති බවද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා අනාවරණ කලා

ලංකා විදුලිබල මණ්ඩලය හා පුද්ගලික අංශය සතු බලාගාර සදහා අවශ්‍ය ඉංධන ලංකා විදුලි බල මණ්ඩලයට විසින් ඝෘජුව ආනයනය කල යුතු යැයි අප නිර්දේශ කර තිබුණා. මේ බලාගාර සදහා අවශ්‍ය ඩීසල්, නැෆ්තා හා දැවිතෙල් ඉදිරි මාස දෙක සදහා මිලදී ගැනීමට වැය වෙන්නේ ඩොලර් මිලියන 150ක් පමණ. මේ මුදල සපයාදුන්නා නම් අද අපිට මුහුණ දීමට සිදුවී ඇති විදුලි කප්පාදුව සිදුවෙන්නෙ නැහැ. තවදුරටත් ප්‍රමාද නොකර ලංකා විදුලිබල මණ්ඩලයට ඉදිරි මාස දෙකක කාලය සදහා අවශ්‍ය ඉංධන සපයාගැනීමට අප කල නිර්දේශ වහා ක්‍රියාත්මක කරන ලෙස අපි අදාල පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා. දි

දිවයිනේ සියලු ප්‍රදේශ වලට හෙට සිට පැය 7.30ක විදුලි කප්පාදුවක් සිදුවන අතර ඉංධන සැපයුම යථා තත්වයට පත්නොකල හොත් කප්පාදුව ඉදිරියේදීත් ක්‍රියාත්මක වනු ඇත. හෙට දිනය සදහා අනුමත කප්පාදුව සියලු ප්‍රදේශ වලට පෙරවරු 8.00 සිට පස්වරු 6 අතර කාලයේ පැය 5ක් වන අතර පස්වරු 6 සිට රාත්‍රි 11 දක්වා කාලයේදී පැය 2යි මිනිත්තු 30ක් වේ.

එක් එක් ප්‍රදේශය සදහා විදුලි කප්පාදුව සිදුවන විස්තර ඇතුළත් ලංකා විදුලි බල මණ්ඩලයේ කාල සටහන මෙතනින්

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව කැබිනට් මණ්ඩලය වෙත මෙම තත්වය පැහැදිලි කරමින් යොමු කල ලිපිය පහතින්,

Note-to-Cabinet

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මුදල් අමාත්‍යංශය වෙත මෙම තත්වය පැහැදිලි කොට ප්‍රතිපාදන ඉල්ලමින් යොමු කල ලිපිය පහතින්,

Request-to-make-arrangement-for-fuel-purchasing-via-Indian-Credit-Line-Sec.-Ministry-of-Finance-Final

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව බලශක්ති අමාත්‍යංශය වෙත මෙම තත්වය පැහැදිලි කොට ප්‍රතිපාදන ඉල්ලමින් යොමු කල ලිපිය පහතින්,

Policy-advice-to-Power-Min

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අග්‍රාමාත්‍යවරයා වෙත මෙම තත්වය පැහැදිලි කොට ප්‍රතිපාදන ඉල්ලමින් යොමු කල ලිපිය පහතින්,

White-ppr-to-PM

Leave a Reply

Your email address will not be published.