Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු විශේෂ කාර්ය බලකා සෙබළුන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඊයේ (26) රාගම ප්‍රදේශයේ සිදුකරනු ලැබු මෙහෙයුමක දීයී.

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 750ක් හා රුපියල් ලක්ෂ 15 කට අධික මුදලක් සමග පුද්ගලයෙකු පළමුවෙන්ම අත්අඩංගුවට ගෙන ඇත.

එම අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව දෙහිවල ප්‍රදේශයේ දී කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

ඇයගේ භාරයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑමයක්ද සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී තිබෙනවා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *