බස් රථයකට පහරදීමක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි පුද්ගලයෙකු පසුගිය 06 වෙනිදා අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය පවසනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක්.
ඉකුත් මාර්තු මස 04 වෙනිදා අලුයම කොළඹ සිට මාතර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් වැල්ලවත්ත ගාලු පාරේදී මෝටර් රථයක් හරස් කොට නතර කර හොකී පිත්තකින් පහරදී බස් රථයට දැඩි අලාභහානි සිදුකළ බවට රියදුරු විසින් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
ඒ අනුව ආසන්නයේ තිබු CCTV කැමරා දර්ශන පරික්ෂා කර සැකකරු හඳුනාගෙන තිබෙන අතර සිදුකරන ලද පරීක්ෂණ වලින් පසුව මෝටර් රථයද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.