හොරණ ප්‍රදේශයේදී ඊයේ (24) රාත්‍රියේ අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 45කට අධික හෙරොයින් තොගයට අදාල ජාවාරම මෙහෙයවා ඇත්තේ විදේශගතව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ජාවාරම්කරුවන් දෙදෙනෙකු විසින් බව අනාවරණ වී තිබෙනවා.
ඒ අතරින් එක අයෙකු වන්නේ අයෙක් වැලිගම මිදිගම ප්‍රදේශයේ පදිංචි රුවන් චින්තක නොහොත් “හරක් කටා” නමින් හඳුන්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.
හෙරොයින් කිලෝ 45 යි ග්‍රෑම් 376 ක් වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි යුද්ධ හමුදා සෙබලෙක් හා යුද්ධ හමුදාවෙන් පළාගිය අයෙක් හොරණ ප්‍රදේශයේ පානදුර මධ්‍යම දූෂණ මර්ධන කොට්ඨාශය විසින් ඊයේ (24) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබුණා.
යුද හමුදාවේ වාහන සඳහා භාවිත කරන විශේෂිත අංකයක් සහිත එම වෑන් රථය යුද හමුදාව විසින් කුලී පදනම මත ලබා ගත් එකක් බවටයි අනාවරණ වී ඇත්තේ.
ඊයේ (24) රාත්‍රියේ හෙරොයින් සමග අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කර දින 7ක රැඳවුම් නියෝග ගැනීමට නියමිත බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාෂක කාර්යංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.