Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

සියලුම බෝඩිලයින් කර්මාන්ත ශාලාවල පුළුල් ලෙස පීසීඅර් පරීක්ෂණ සිදුකිරීමට තීරණය කර ඇති බව එම සමාගම පවසනවා.

ඔවුන්ගේ කර්මාන්ත ශාලා තුනෙන් දෙකක එනම් හොරණ සහ අගලවත්ත කර්මාන්ත ශාලාවල මේ වනවිට කොවිඩ් ආසාදිතයින් හමුවී ඇති බව එම නිවේදනයේ සඳහන්.

හොරණ කර්මාන්ත ශාලාවෙන් ආසාදිතයින් 68 දෙනෙක් හමුවී ඇති අතර අගලවත්ත කර්මාන්ත ශාලාවෙන් එක ආසාදිතයෙක් ද හමුවී තිබෙනවා.

තවත් පීසීඅර් පරීක්ෂණ 1,760ක ප්‍රතිඵල ලැබීමට නියමිත බව එම සමාගම පවසනවා.

මේ වනවිට එම කර්මාන්තශාලා දෙකම වසාදමා ඇති අතර විෂබීජහරණය කර සෞඛ්‍ය බලධාරීන් ගේ අනුමැතිය ලැබුණු පසු ඒවායේ මෙහෙයුම් නැවත ආරම්භ කෙරෙන බව එම නිවේදනයේ දැක්වෙනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *