ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයට අයත් බොරළුගොඩ ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක 50 කට අධික පිරිසකට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව ඉංගිරිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එල්.පී.එල්. ප්‍රියන්ත මහතා පැවසීය.
පසුගිය 9 වන බදාදා එම කර්මාන්ත ශාලාවේ පුද්ගලයින් 6 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කළ අතර ඉන් 5 දෙනෙකුට ම කොරෝනාවෛරසය අසාදනය වී ඇති බව අනාවරණය වී තිබිණි.
පසුව නැවතත් පසුගිය සෙනසුරාදා (12) දින පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර ඇති අතර එම ප්‍රතිඵල ඊයේ (14) රාත්‍රියේ නිකුත් කර ඇත.
එහිදී තවත් සේවකයින් 47 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වූ බව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය.
ඒ අතර ඉන්දියන් ජාතිකයින් 34 දෙනෙකු සිටින අතර ගම්මානයේ ම පුද්ගලයින් 10 දෙනෙකු ද ඒ අතර සිටින බව වාර්තා වේ.
මේ වන විට ඔවුන්ගේ ආශ්‍රිතයන් සම්බන්ධ තොරතුරු රැස් කරන අතර පවුල් 21 ක් දැනටමත් නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ.
අදාළ කර්මාන්ත ශාලාව මේ වන විට සම්පුර්ණයෙන් ම වසා දමා ඇත.