Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

හොරණ, බොඩිලයින් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ තවත් සේවකයන් 7 දෙනෙකුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

එහි සේවකයන් 186 දෙනෙකුගේ කරන ලද පී.සී.ආර්. පරීක්‍ෂණ ප්‍රතිඵල අනුව මේ බව තහවුරු වී තිබේ.

ඊයේ (8) දිනය වන විට මෙම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් 159 දෙනෙකු කොවිඩ්-19 රෝගීන් බවට හඳුනා ගෙන තිබුණු අතර අද (9) නිකුත් වූ පී.සී.ආර්. වාර්තා අනුව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 166ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර, හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක චන්දන සේනාරත්න මහතා සඳහන් කළේ, පී.සී.ආර්. පරීක්‍ෂණ සඳහා යොමු කිරීමට සේවකයින්ගේ ජෛව සාම්පල ලබා ගැනීම අඛණ්ඩව සිදුකරමින් පවතින බවය.

ප්‍රසන්න එදිරිසිංහ – හොරණ

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *