Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

බගවන්තලාව කෙසෙල්ගමු ඔයේ අනවසරෙන් මැණික් ගැරිමට ගොස් සතුන් දඩයම් කිරිම සදහා ඇද තිබු අධි බලැති විදුලි රැහක පැටලි ඉකුත් (30) දින මිය ගිය තිදරු පියාට කොරෝනා වෛරසය අසාදනය වි තිබු බවට අනාවරණය වී ඇත.

දික්ඔය මුලික රෝහලේදි පශ්චාත් මරණ පරික්ෂණයට ප්‍රථම සිදු කල රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයේදි (01) දින තහවුරු වු බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.

අධි බලැති විදුලි රැහනක ගැටි මෙසේ ජිවිතක්ෂයට පත් වුයේ බගවන්තලාව පහල කොටසේ පදිංචිව සිටි සෙල්ලප්පන් සංකර් නැමති (46) හැවිරිදි තිදරු පියෙකි.

මරණයට පත්වූ පුද්ගලයා කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය රක්ෂිතයේ තවත් පිරිසක් සමග ඉකුත් (30) දින රාත්‍රියේ අනවසරෙන් මැණික් ගැරිමට යාමේදි එම රක්ෂිතයේ රාත්‍රි කාලයේ සැරිසරන වල් ඌරන් දඩයම් කිරිම සදහා කිසියම් පිරිසක් විසින් රක්ෂිතය හරහා ඇද තිබු විදුලි රැහනක පැටලි විදුලි සැර වැදිමෙන් එම ස්ථානයේම ජිවිතක්ෂයට පත්විය.

සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහල වෙත යොමු කිරිමෙන් පසු මරණයට පත්වූ පුද්ගලයාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු තිබේ.

මේ හේතුවෙන් ඔහුගේ පවුලේ සමාජිකයන් සහ අනවසරෙන් මැණික් ගැරිමට ගිය පුද්ගලයන් ස්වයං නිරෝධානයට යොමු කිරිමට පියවර ගන්නා බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *