Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

හෝමාගම ප්‍රාදේශීය සභාවට අයත් පොදු වෙළඳ සංකීර්ණයේ පිහිටි මාළු වෙළඳසලෙහි හිමිකරු කොරෝනා ආසාදිතයකු බවට අනාවරණය වීම හේතුවෙන් පොදු වෙළඳ සංකීර්ණයම වසා දැමීමට කටයුතු කළ බව හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් ජයසිංහ මහතා පවසනවා.

ඒ හේතුවෙන් හම ගොඩනැගිලි සංකීර්ණය තුල පවත්වාගෙන ගිය හෝමාගම උප තැපැල් කාර්යාලය ද වසා දැමීමට අදාල සෞඛ්‍ය බලධාරීන් විසින් කටයුතු කර තිබෙනවා.

එම ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගිය තවත් විවිධ වෙළඳ ආයතන රාශියක සිටි පිරිස් ආසාදිත පුද්ගලයා සමඟ ආශ්‍රය කර ඇති බවට තොරතුරු අනාවරණය වූ බැවින් පුද්ගලයින් සියලුදෙනාට ස්වයං නිරෝධායනය වන ලෙස දන්වා සිටි බව හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත විජේසූරිය මහතා පැවසුවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *