Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොවිඩ් ආසාදිත රෝගීන් සදහාම වෙන්වූ හෝමාගම මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකය ඇතුළු පවත්වාගෙන ගිය කොවිඩ් රෝගී වාට්ටු සියල්ල මේ වන විට රෝගීන්ගෙන් පිරී යෑම හේතුවෙන් තවත් වාට්ටු ඒකක දෙකක් අද (25) දින සිට රෝගීන් ඇතුලත් කර ගැනීම වෙනුවෙන් සකස් කල බව රෝහල් අධිකාරි විශේෂඥ වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා පවසනවා.

මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන රෝගීන් තරැණ පිරිසක් වන අතර ඔවුන් බොහෝ දෙනෙකුට නිධන්ගත රෝග නොමැති බවයි රෝහල් අධිකාරීවරයා කියාසිටියේ.

ජනතාව අදාළ රෝගී තත්වය පිළිබඳ අවධානය යොමු නොකලහොත් සමස්ත රෝහල් පද්ධතියම කොවිඩ් රෝගීන් සඳහා වෙන් කලත් පාලනය කර ගත නොහැකි වනු ඇති බවට ද ඔහු ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර සඳහා වෙන් කර තිබුනද හෝමාගම රෝහලේ සායනික කටයුතු දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් අනුව සිදු කරන බවයි රෝහල් අධිකාරි විශේෂඥ වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පවසන්නේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *