Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ලක්ෂපාන, මොරහේනගම මහපැල්පොළ ප්‍රදේශයේ එකම පවුලේ 06 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

එම ආසාදිතයින් 06 දෙනා අතර අවුරුදු 2 සහ අවුරුදු 5ක ළමුන් දෙදෙනෙකු ද සිටින බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු සඳහන් කරයි.

ඔවුන් මීට පෙර හඳුනාගත් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයින් බවත්, එම පිරිස ස්වයං නිරෝධානයට යොමු කර සිදුකරන ලද පී.සී.ආර් පරීක්ෂණ වාර්තා අනුව නව අසාදිතයන් 06 දෙනා හඳුනාගැනීමට හැකි වු බවත් වාර්තා වේ.

මේ අතර එම ආසාදිතයින් පදිංචි නිවසට ආසන්නයේම තවත් ආසාදිතයෙකු ද අද (20) හඳුනාගත් බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා වැඩිදුරටත් පැවසීය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *