Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත්කරණය යුරෝපා සංගමයේ සියලුම රටවල්වල ආරම්භ කර ඇත.මෙම වැඩපිළිවෙළ පසුගිය දා ආරම්භ කර ඇති බව වාර්තා වේ.

යුරෝපා සංගමයේ සභාපතිනී උර්සුලා වෑන්ඩර් සඳහන් කළේ කලාපයේ සියලුම රටවල්වලට එන්නත බෙදා හැර ඇති බවයි.මාත්‍රා මිලියන 200ක් මිලට ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.එන්නත්කරණ වැඩසටහන දින තුනක් තිස්සේ ක්‍රියාත්මක කරන අතර එමගින් කලාපීය සාමය හා එකමුතුභාවය වර්ධනය වන බව යුරෝපා සංගමය තවදුරටත් සඳහන් කරයි.

ප්‍රංශය,ස්පාඤ්ඤය,බෙල්ජියම,ඉතාලිය ඇතුලු කොවිඩ් වසංගතයෙන් වැඩිම පීඩාවට පත් රාජ්‍යයන් සියල්ලම සඳහා එන්නත්කරණය ආරම්භ කර ඇත.වැඩිහිටියන් සහ සෞඛ්‍ය අංශ සේවකයන් සඳහා වැඩි ප්‍රමුඛතාවක් ලබාදී තිබුණි.එන්නත ලබානොගන්නා පුද්ගලයින්ව ලැයිස්තුගත කිරීමටද ස්පාඤ්ඤය තීරණය කර ඇත.

ලබන මාසයේදී යුරෝපා සංගම් සාමාජිකත්වයෙන් නිල වශයෙන් ඉවත් වීමට තීරණය කර ඇති එංගලන්තය මේ වන විට කොවිඩ් වසංගතයේ වැඩි බලපෑමකට ලක්ව තිබේ.ඒ එරටින් නව කොවිඩ් වෛරස ප්‍රභේදයක් හඳුනාගැනීමත් සමගය.

මේ වනවිට එංගලන්තයේ පමණක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් ප්‍රමාණය 20,000 ඉක්මවා ඇත.වේල්සය සහ ස්කොට්ලන්තය මෙම නව කොවිඩ් වෛරස ප්‍රභේදය නිසා දැඩි අවදානමකට ලක්ව ඇති බවද වාර්තා වේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *