Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ෆයිසර් එන්නත ලබාදීමේ පූර්ණ බලය යුද හමුදාව වෙත පවරා තිබේ.

මීට ඉහත දී ෆයිසර් සහ ඇස්ට්‍රාසෙනිකා එන්නත් විනිවිදභාවයකින් තොරව පිටස්තර පුද්ගලයන්ට ලබාදී තිබූ අතර එලෙස එන්නත ලබා දී ඇති පුද්ගලයන්ගේ තොරතුරු ද හිතාමතාම ලේඛණවලට ද ඇතුළත් කර නොමැති බව ද හෙළි වී ඇත. මින් ඉදිරියට ෆයිසර් එන්නත යුද හමුදාවේ මූලිකත්වයෙන් අදාළ පුද්ගලයන්ට ලබාදෙන බවත් එන්නත ලබාදෙන නිසි ක්‍රමවේදයෙන් බැහැරව සහ එම එන්නත ලබා ගැනීමට සුදුසුකම් නොලබන කිසිදු පුද්ගලයෙකු ෆයිසර් එන්නත ලබානොදෙන බවත් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය.

සෞඛ්‍ය නිලධාරීන් ක්‍රියාත්මක කළ පුත්තලම දිස්ත්‍රික්කයේ ෆයිසර් එන්නත ලබාදුන් මධ්‍යස්ථානයක දී ද පිටස්තර පුද්ගලයන්ට එම එන්නත ලබා දුන් අයුරු දැක ගත හැකි විය.

කොරෝනා වසංගතයේ පස්වන රැල්ලක් ඇති වීම වැළැක්වීමට අවශ්‍ය වන තාක්ෂණික තීරණ වසංගත රෝග විද්‍යා ඒකකය තුළින් ලබා ගැනීමට අවශ්‍ය වන ක්‍රියාකාරීත්වය සෞඛ්‍ය අමාත්‍යවරයා වසංගත රෝග විද්‍යා ඒකකය තුළ ඇති කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එමෙන් ම, ඒ සඳහා අවශ්‍ය එන්නත් ලබා දීමේදී වසංගත රෝග විද්‍යා අංශය මගින් හමුදාවට පමණක් සීමාවකින් තොරව එන්නත් ලබා දීම වෙනුවට රෝහල් සඳහා ද අවශ්‍ය කරන එන්නත් ප්‍රමාණයක් ලබා දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට අමාත්‍යවරයා එකඟ වී ඇති බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ..

අදාළ නිවේදනය පහතින් දැක්වේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *