Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

බ්‍රසීලයේ පිහිටි සුප්‍රකට දිය ඇල්ලක් වන ෆර්නාස් දිය ඇල්ල නැරඹීමට පැමිණි සංචාරකයින් පිරිසක් රැගත් මෝටර් බෝට්ටු දෙකක් මතට ඊට ඉහළින් තිබු පාෂාණ තට්ටුවක් කඩා වැටීමෙන් පුද්ගලයින් 07 දෙනෙකු මිය ගොස් නව දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ගිනිකොනදිග බ්‍රසීලයේ පිහිටි සංචාරක ආකර්ෂණයක් සහිත Capitolio හි පිහිටි දිය ඇල්ලක් නැරඹීමට පැමිණි සංචාරකයින් පිරිසක් මෙම බිහිසුණු අත්දැකීමට මුහුණ දී තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින්ගේ අස්ථි බිඳී ගොස් ඇති අතර එක් අයෙකු හිසට සහ මුහුණට තුවාල ලබා රෝහල්ගතව බරපතල තත්ත්වයේ පසුවනවා.

තවත් 23 දෙනෙකුට සුළු තුවාල සඳහා ප්‍රතිකාර ලබා දී ඇති බව ඔහු පැවසීය.

මෙම සිදුවීම සිදුවූ අවස්ථාව විදෙස් මාධ්‍ය වල පළ කර තිබුනේ මේ අයුරින්.

Leave a Reply

Your email address will not be published.