අද උදේත් දුම්රිය හයක් අවලංගුයි !

1 Min Read

2023 වසරේ රාජකාරී ආරම්භ කරන පළමු දිනය වන අද දිනයේ උදෑසන කාර්යාල දුම්රිය හයක් අවගංගු කිරීමට සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව කැලණි වැලි දුම්රිය මාර්ගයේ දුම්රිය දෙකක් , මුහදු බඩ මාර්ගයේ දුම්රිය දෙකක් , ප්‍රධාන මාර්ගයේ එකක් සහ පුත්තලම මාර්ගයේ දුම්රිය එකක් බැගින් අද උදෑසන දුම්රිය අවලංගු ව ඇති බව ඔවුන් මාධ්‍යයට පවසා තිබේ.

රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීම යටතේ දුම්රිය සේවකයන් 500ක් පමණ පසුගිය දෙසැම්බර් 31 වනිදා සිට ඉවත් වීමත් සමඟ මෙම අර්බුදය නිර්මාණය වී ඇති අතර ඊයේ (01) ද දුම්රිය ගමන් වාර 30ක් අවලංගුවී තිබේ.

අද දිනය තුළ තවත් දුම්රිය කිහිපයක්ම අවලංගු වීමට ඉඩ ඇති බව දුම්රිය ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.

Share This Article
Leave a comment