කාලගුණය යළි කැළඹෙයි

1 Min Read

ගිනිකොණ දිග බෙංගාල බොක්ක සහ ඊට යාබද උතුරු අන්දමන් සාගරය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය අද (19) වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී, බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් 2022 නොවැම්බර් මස 20 සහ 21 දින වනවිට ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නව ගමන් කිරීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

නැගෙනහිර පළාතේ විටින් විට වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තරමක් තද වැසි ඇති විය හැකි බවත් උතුරු පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බවද එහි දැක්වෙනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණ තත්ත්වයක් පවතින බවත් උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලවිටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකි බවද සඳහන් වෙනවා.

සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වල උදෑසන කාලයේ මිදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා

Share This Article
Leave a comment