ගෑස් මිල යලිත් ඉහළට !

1
1 Min Read

ගාසා තීරයේ පවතින යුද ගැටුම් හේතුවෙන් යළි ගෑස් මිල ඉහළ යනු ඇති බව ආරංචි මාර්ග සඳහන් කළා.

ඒ අනුව ලබන මස සිට ගෑස් මිල සංශෝධනය කිරීමටයි සමාගම් තීරණය කර ඇත්තේ.

ඒ අනුව රුපියල් 500 කට වැඩි මුදලකින් කිලෝග්‍රෑම් 12.5 හේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ යනු ඇති.

අවසන් වරට ගෑස් මිල ඉහළ දමනු ලැබුවේ පසුගිය 5 වනදා සිටයි.

එහිදී කිලෝග්‍රෑම් 12.5 ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 343 කින් ඉහළ දමනු ලැබුවා.

ඒ අනුව මේ වනවිට කිලෝග්‍රෑම් 12.5 ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් අලෙවි වන්නේ රුපියල් 3,470 කටයි.

එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මේ වනවිට මිල දැක්වෙන්නේ රුපියල් 1,393ක් ලෙස වන අතර, කිලෝගෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 650 ක් වනවා.

ලාෆ්ස් ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් මේ වනවිට අලෙවිවන්නේ රුපියල් 3,985ක් ලෙසටයි.

ඒ අනුව ලබන මස පස්වනදා යළි ගෑස් මිල ගණන් සංශෝධනය වීමට නියමිතයි.

Share This Article
Leave a comment