චීන ජනපතිගෙන් කැනඩා ජනපතිට දොස් !

3 Min Read

G20 සමුළුවේදී චීන ජනාධිපති ෂී ජින් පිං සහ කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ අතර පැවති සාකච්ඡාවේ තොරතුරු මාධ්‍ය වෙත නිකුත් වූ බවට චෝදනා කරමින් චීන ජනාධිපතිවරයා කැනඩා අග්‍රාමාත්‍යවරයා ව සමුළුව අතරවාරයේදී විවේචනය කර තිබෙනවා.

මෙම හමුවේ වීඩියෝ දර්ශන මාධ්‍යයට නිකුත් වූ අතර එහි දී චීන ජනාධිපතිවරයාගේ කනස්සලු සහගත හැසිරීම හොඳින් විද්‍යමාන වුණා.

කැනේඩියානු රූපවාහිනි විකාශකයින් විසින් ඉන්දුනීසියාවේ බාලි දූපතේ පිහිටි සමුළුවේදී චීන ජනාධිපති සහ කැනේඩියානු අගමැති එකිනෙකාට සමීපව සිටගෙන පරිවර්තකයෙකු හරහා සංවාදයේ යෙදී සිටිනු ආකාරය දැක්වෙන රූපවාහිනි දර්ශන මාලාවක් විකාශය කළ අතර චීන ජනාධිපතිවරයා ගේ කනස්සලු සහගත ස්වභාවය දැකගත හැකි වූයේ එම දර්ශන මාලාවේදී යි.

“එය සුදුසු නොවේ, අපි එය එසේ කළේ නැත,” ෂී මැන්ඩරින් භාෂාවෙන් මෙහි දී සිනාසෙමින් පැවසුවා.

“එතැන අවංකභාවයක් තිබේ නම්, අපට අන්‍යෝන්‍ය ගෞරවයෙන් හොඳින් සන්නිවේදනය කළ හැකියි, එසේ නොවුවහොත් එහි ප්‍රතිවිපාක පැවසීම පහසු නොවනු ඇත.”

වසර තුනකට වැඩි කාලයකට පසු චීන නායකයා සමඟ පවති ඔහුගේ ප්‍රථම සාකච්ඡාවේ දී, කැනේඩියානු මැතිවරනයේදී චීන “මැදිහත්වීම්” සහ ඔත්තු බැලීම පිලිබඳව”බරපතල සැලකිල්ලක්” ටෲඩෝ විසින් දැක් වූ බවට පල වූ මාධ්‍ය වාර්තා හමුවේයි මෙලෙස චීන ජනාධිපතිවරයා ගේ අප්‍රසාදය යොමු වී ඇත්තේ.

එහි දී පරිවර්තකයෙකු ද යොදාගෙන චීන ජනාධිපතිවරයා අප්‍රසාදය පළ කලේ “අපි සාකච්ඡා කළ සෑම දෙයක්ම මාධ්‍යයට ට කාන්දු වී ඇත, එය සුදුසු දෙයක් නොවේ” යනුවෙන් ටෘඩෝට පවසන ආකාරය විකාශය කෙරුනු වීඩියෝවෙන් ඇසුනා.

එයට පිළිතුරු දෙමින් ටෘඩෝ පවසුවේ “කැනඩාවේදී අපි නිදහස් හා විවෘත හා අවංක සංවාදයක් ගැන විශ්වාස කරන අතර එය දිගටම එලෙසම පවතිනු ඇත, අපි නිර්මාණශීලීව එකට වැඩ කිරීමට දිගටම බලා සිටිමු, නමුත් අපි එකඟ නොවන දේවල් තිබේ” යැයි පවසමින්.

කෙසේ වෙතත් මෙම වීඩියෝව තුල ටෘඩෝ කතා කිරීම අවසන් කිරීමට පෙර, ෂී, තරමක් කෝපයට පත් වී, “කොන්දේසි සහිතව අවශ්‍ය පසුබිම සාදන්න, කොන්දේසි සාදන්න, හරි දැයි පවසමින්, ටෘඩෝගේ අත සොලවා තරමක කෝපයෙන් පිටව යන ආකාරය දර්ශනය වනවා.

කෙසේ වෙතත්, චීන විදේශ අමාත්‍යාංශය හෝ රාජ්‍ය මාධ්‍ය ෂී සහ ටෘඩෝ අතර සාකච්ඡා පිළිබඳව කිසිවක් ප්‍රකාශයට පත් කර නැති අතර අඟහරුවාදා පැවති G20 සමුළුවට සමගාමීව ඔවුන් දෙදෙනා විනාඩි 10ක අවිධිමත් හමුවක් පැවැත්වූ බව පමණක් ප්‍රකාශයට පත් කර තිබුණා.

නමුත් චීන ජනපතිවරයා, G20 සමුළුවේ දී අනෙකුත් රාජ්‍ය නායකයින් සමඟ විධිමත් ද්විපාර්ශ්වික හමුවීම් නවයක් පවත්වා තිබෙනවා.

2018 දී චීනයේ හුවාවෙයි සමාගමේ (Huawei Technologies) විධායක මෙන්ග් වන්ෂු (Meng Wanzhou) රඳවා තබා ගැනීම සහ ඔත්තු බැලීමේ චෝදනා මත කැනේඩියානුවන් දෙදෙනෙකු බෙයිජිං විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව, චීනය සහ කැනඩාව අතර සම්බන්ධතා යම් තරමකට පළුදු වුණා.

කෙසේ වෙතත් මෙලෙස අත්අඩංගුවට ගත් තිදෙනා ම පසුව නිදහස් කිරීමට චීන රජය කටයුතු කළා.

මීට අමතරව කැනඩාවේ විශාලතම විදුලි නිෂ්පාදකයා වන හ්‍යිඩ්‍රෝ කුබෙක් (Hydro-Quebec) හි බැටරි ද්‍රව්‍ය පිළිබඳ පර්යේෂණයේ යෙදී සිටි සේවකයෙකු චීනයට ප්‍රතිලාභ ලබා දීම සඳහා එහි නිශ්පාදන, වෙළඳ රහස් සොරකම් කිරීමට උත්සාහ කළ බව කියන චෝදනාවට ලක්ව ඇති බව කැනේඩියානු පොලිසිය පසුගිය සඳුදා ප්‍රකාශ කළා.

මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳ පුවත පැමිණියේ ටෘඩෝ සහ ෂී ජිං පිං ජී G20 සමුළුවට සහභාගී වෙමින් සිටියදීයි.

Share This Article
Leave a comment