ධනුෂ්කට Tinder තහනම් – ඇප ලබාදුන් කොන්දේසි පහ මෙන්න !

1 Min Read

ලිංගික චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියානු ඩොලර් 150,000 ක ඇප මත නිදහස් කිරීමට සිඩ්නි අධිකරණය තීරණය කර තිබෙනවා.

සිඩ්නි අධිකරණය හමුවේ අද නඩුව කැඳවූ අවස්ථාවේදී ධනිෂ්ක ගුණතිලක වෙනුවෙන් පෙනී සිටි මුරුගන් තංගරාජ් මහතා පෙන්වා දුන්නේ ඉදිරිපත්ව ඇති කරුණු අනුව ගොනුකළ චෝදනා තුළ ශක්තිමත් නඩු නිමිත්තක් නොමැති බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සහා ශ්‍රී ලංකා රජය තම සේවා දායකයාට සහය දක්වන බවත් , ඔහුට ඇප ලබා නොදුනහොත් ඔහුගේ ක්‍රීඩා ජිවිතය අවසන් වනු ඇති බවත් නිතීඥවරයා පෙන්වා දී තිබෙනවා.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඔස්ට්‍රේලියානු ඩොලර් 150000 ක ඇපයක් මත ධනිෂ්ක ගුණතිලක නිදහස් කර තිබෙනවා.

ඇප මත මුදාහැරි ධනිෂ්ක ගුණතිලක සෑම දිනකම පොලිසියට වාර්තා කළ යුතු අතර සෑම දිනකම රාත්‍රී 9.00 සිට පසුදා උදෑසන 6.00 දක්වා ඔහුට සංචරණ සීමා පනවා තිබෙනවා.

පැමිණිලිකාර පාර්ශවය සමග සබඳතා පැවැත්වීමත්, මුණගැසීම් සම්බන්ධ ඇප් භාවිතයත් ධනිෂ්ක ගුණතිලකට තහනම් කර තිබෙනවා.

ධනුෂ්ක ගුණතිලක අද උසාවිය හමසුවේ පෙනී සිටියේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේයි.

Share This Article
Leave a comment