නන්දලාල්ගේ චෝදනාවට කබ්රාල්ගෙන් පිළිතුරු

1 Min Read

උද්ධමනය ස්ථාවර මට්ටමක් දක්වා ළඟා කරගැනීම එකවර සිදු නොවන බවත් ඒ සඳහා තවත් වසර එක හමාරක පමණ කාලයක් ගතවනු ඇති බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

මේ අතර මහබැංකු අධිපතිවරයා සිදුකළ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රතිචාර දැක්වූවා.

තම කෘතිය නොකියවා ඒ සම්බන්ධයෙන් අදහස් පළ නොකරන ලෙසත්, සියල්ලටම පෙර කමෙන්ට් නොකියවා පොත කියවන ලෙසත් හිටපු මහබැංකු අධිපතිවරයා ප්‍රකාශ කළා.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

“මගේ පොතේ මම ඉතාමත්ම හොඳින් පැහැදිලි කරලා තියෙනවා. මේවා කියවලා බලන්න. සමහරු මට චෝදනා කරනවා පොතක් ලිව්වලු ඒකට හිනා යනවලු. ඔව් සමහරක් අයට ඒවා ආතල් වෙන්න පුළුවන්. සමහරක් අයට විහිළු වෙන්න පුළුවන්. සමහරක් අයට ෆන් ගන්න පුළුවන්. ඒ වුණාට පොත කියවලා බලන්න. මේවා නොකියවලා කමෙන්ට් කියවලා වැඩක් නැහැ. කමෙන්ට් කියවලා හිනා වෙලා ඉන්න එක නෙවෙයි හපන්කම.”

Share This Article
Leave a comment