මහවැලි කේන්ද්‍රයේ නිදහස් පුස්තකාලය

1 Min Read

ගරු වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මැතිතුමාගේ සංකල්පයක් මත දැනුමින් පිරිපුන් සමාජයක් ගොඩනැඟීමේ උදාරතර පරමාර්ථය යථාවත් කරමින්, වර්තමාන පරම්පරාව කියවීමෙන් දුරස්ව ඇති කාලයක සහ අවංකභාවය ස්වයං විනය පිරිහිණු සමාජයක ඒ උසස් ගුණධර්ම පුංචි පොත්ගුලක් හරහා නැවත පුනර්ජීවනය කිරීමේ අරමුණින් මහවැලි කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ඩෙනිස් ප්‍රනාන්දු මහතා විසින් නිදහස් පුස්තකාලයක් මහවැලි කේන්ද්‍රයේදී ඊයේ දින (10) විවෘත කරන ලදි.

මෙම නිදහස් පුස්තකාලය හරහා තමන් කියවා ඇති පොත් ලබාදීමටත්, තමන් කියවා නොමැති පොත් ලබා ගැනීමටත් හැකියාවක් පවති. මෙහි පවතින විශේෂත්වය වන්නේ පුස්තකාලාධිපතිවරයෙක් හෝ ආරක්ෂකයකු නිදහස් පුස්තකාලයේ නොමැති අතර, තමන්ට කැමති ඕනෑම පොතක් ලබා ගැනීමට හෝ ලබාදීමට හැකියාවක් පවති. එසේම කියවා අවසන් කළ පසු නැවත එම පොත තවත් කෙනෙකුට කියවීම සඳහා නිදහස් පුස්තකාලය වෙත ලබා දිය යුතුය. අවංකත්වය මෙන්ම සාක්ෂරතාවයෙන් පිරිපුන් සමාජයකට අත්‍යවශ්‍ය අංගයක් වන මෙම නිදහස් පුස්තකාලය මඟින් කියවීමට ආශාවක් දක්වන, උසස් සාක්ෂරතාවකින් යුත් දැනුම සමාජයේ එකිනෙකා අතර බෙදා ගැනීමට හැකි පිරිසක් බිහිවනු ඇත.

තවද මහවැලි කලාප ආශ්‍රිතව පවතින ගම්මාන සහ පාසල්වල ද මෙම නිදහස් පුස්තකාල ස්ථාපිත කිරීමට කටයුතු කෙරේ.

මේ සදහා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මාධ්‍ය උපදේශක වසන්ත දුග්ගන්නාරාළ මහතා ඇතුළු මහවැලි කේන්ද්‍රයේ නිළධාරී මහත්ම මහත්මීන් සහභාගී විය.

Share This Article
Leave a comment