රෙජිනෝල්ඩ් මියගියේ ගෙවිඳු කුමාරතුංග ඇතුළු 4ක් මහ බැණුම් බනින විට ඇති වූ රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් – මරණ පරීක්ෂණ වාර්තාව හෙළිකළ කරුණු මෙන්න !

2 Min Read

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කළුතර දිස්ත්‍රික් නායක, හිටපු බස්නාහිර මහ ඇමති මෙන්ම හිටපු ආණ්ඩුකාරවරයෙක් වූ රෙජිනෝල්ඩ් කුරේ හදිසි හෘදයාබාධයකින් මිය යන්නේ ඊයේ (02) කළුතර දී පැවති නිදහස් ජනතා සන්ධානයේ විශේෂ රැස්වීමක් අතරවාරයේ ගෙවිඳු කුමාරතුංග ඇතුළු සිවු දෙනෙක් ඔහු සමග ඇති කරගත් උණුසුම් වචන හුවමාරුවක් මැද ඇතිවන රෝගී තත්ත්වයකින් අනතුරුව බව ජේ සෝමසිරි නැමති රෙජිනෝල්ඩ් කුරේගේ පෞද්ගලික ලේකම්වරයා මරණය පිළිබඳව හදිසි මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දෙමින් අද (13) පැවසුවේය.

රෙජිනෝල්ඩ් කුරේගේ මරණය සම්බන්ධව අදහස් දක්වමින් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා එම වචන හුවමාරුවෙන් පසු ඇති වූ කම්පනය නිසා හෘදයාබාධයක් ඇතිවන්නට ඇතයි ඔහුගේ බිරිය වන චන්ද්‍රිකා කුරේ වෙත පල කළ මතය අනුව ඇය කළුතර ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක එස්.ඒ. කුමසාරුගෙන් මෙම පශ්චාත් මරණ පරීක්ෂණය ඉල්ලා තිබිණි.

ඒ අනුව නාගොඩ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ශ්‍රියන්ත අමරරත්න විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනු ලැබුවේය.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වූ සාක්ෂි අනුව සිද්ධිය පෙළ ගැසෙන්නේ මෙසේය.

ඊයෙ හැන්දෑවෙ වාද්දූව තල්පියටිය වයිට් හෙවන් හෝටලයේ හෙළිකොප්ටරය ලකුණින් කුළුඳුල් මැතිවරණයට තරග වදින නිදහස් ජනතා සන්ධානයේ රැස්වීමක් පවත්වා තිබිණි.

එහිදී යම් පුද්ගලයෙකුට ඒ අවස්ථාවට ආරාධනා නොකිරීම පිළිබඳව ගෙවිඳු කුමාරතුංග ඇතුළු කීප දෙනෙක් රෙජිනෝල්ඩ් කුරේ සමග ඇතිවූ විසංවාදය ඉතා උණුසුම් වචන හුවමාරුවක් තෙක් වර්ධනය වී තිබිණි.

ඒ අවස්ථාවේ දී රෙජිනෝල්ඩ් කුරේ හිටපු අමාත්‍යවරයා හදිසියේම ක්ලාන්ත වී ඇත. අනතුරුව ඔහු වතුර ඉල්ලා තිබේ.

ඉන් අනතුරුව වහාම ඔහු පානදුර රෝහල වෙත ඇතුළත් කර තිබේ.

තත්ත්වය යහපත් නොවන බැවින් ඉන් පසු හෙතෙම කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරව අළුයම 2ට පමණ ජීවිතය හැර ගොස් ඇත.

Share This Article
Leave a comment