සෑම් කරන් 2023 IPL වෙන්දේසියේදී වාර්තාගත මිලකට අලෙවි වෙයි – දැනට අලෙවි වූ ක්‍රීඩකයින් සහ මිල ගණන් මෙන්න !

2 Min Read

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියෙ පළමු දිනය නිමා වූයේ නව වෙන්දේසි වාර්තා රැසක් ද සමගින්.

ඒ අනුව මෙවර පන්ජාබ් කිංග්ස් ක්‍රිකට් කණ්ඩායම් විසින් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම මුදලක් ගෙවා ක්‍රීඩකයකු ක්‍රීඩකයෙකු මිලදී ගැනීමේ වාර්තාව තමන් සතු කර ගත්තා.

ඒ එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක සෑම් කරන් පවුම් මිලියන 1.9ක් ගෙවා මිලදී ගැනීමත් සමගයි.

මේ අතර තවත් එංගලන්ත ක්‍රීඩකයෙකු වූ බෙන් ස්ටෝක්ස් පවුම් මිලියන 1.625කට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් මිල දී ගත් අතර, එංගලන්තය පකිස්තානය පරදා තරග 3-0 ලෙස සමස්ත ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක් ලබා ගනිද්දී ශතක තුනක් ලබා ගත් හැරී බෘක් එක රැයකින් කෝටිපතියෙකු බවට පත් වුනේ, සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින් පවුම් මිලියන 1.325කට මිළ දී ගැනීමත් සමගයි.

මීට අමතරව ඔස්ට්‍රෙලියාවේ කැමරන් ග්‍රීන් පවුම් මිලියන 1.75 කට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 10 දෙනෙකු ද වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරෙන අතර, මේ දක්වා ඉදිරිපත් කෙරුණේ කුසල් මෙන්ඩිස් පමණයි.

කෙසේ වෙතත්, ඔහුව කිසිදු කණ්ඩායමක් විසින් මිලදී ගත්තේ නැහැ.

මෙතෙක් අලෙවි වූ ක්‍රීඩක ලැයිස්තුව –

  • Kane Williamson 2 Crore GT
  • Harry Brook 13.25 Crore SRH
  • Mayank Agarwal 8.25 Crore SRH
  • Ajinkya Rahane 50 Lakh CSK
  • Sam Curran 18.50 Crore PBKS
  • Odean Smith 50 Lakh GT
  • Sikandar Raza 50 Lakh PBKS
  • Jason Holder 5.75 Crore RR
  • Cameron Green 17.50 Crore MI
  • Ben Stokes 16.25 Crore CSK
  • Nicholas Pooran 16 Crore LSG
  • Heinrich Klaasen 5.25 Crore SRH
  • Phil Salt 2 Crore DC
  • Reece Topley 1.9 Crore RCB
  • Jaydev Unadkat 50 Lakh LSG
  • Jhye Richardson 1.5 Crore MI
  • Ishant Sharma 50 Lakh DC
  • Adil Rashid 2 Crore SRH
  • Mayank Markande 50 Lakh SRH

මෙතෙක් අලෙවි නොවූ ක්‍රීඩක ලැයිස්තුව –

  • Rilee Rossouw
  • Tom Banton
  • Chris Jordan
  • Adam Milne
  • Shakib Al Hasan
  • Adam Zampa
  • Joe Root
  • Akeal Hosein
  • Mujeeb Rahman
  • Tabraiz Shamsi
  • Litton Das
  • Kusal Mendis
Share This Article
Leave a comment