හංවැල්ලේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට (VIDEO)

1 Min Read

හංවැල්ල හරස් පාර ආපන ආපනශාලාවක හිමිකරුවකුට ඊයේ (18) රාත්‍රී 10.10ට පමණ නාඳුනන පුද්ගලයන් දෙදෙනකු සිදු කළ වෙඩි තැබීමකින් එම පුද්ගලයා මියගොස් ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි.

වෙඩිවැදීමෙන් බරපතළ තත්වයේ පසුවූ 46 හැවිරිදි තිදරු පියා පාදුක්ක රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබේ.

යතුරු පැදියකින් ආ දෙදෙනකු ආපන ශාලාව තුළදීම මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර බරපතල තුවාල සහිතව ඔහු පාදුක්ක රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

පොලීසිය පවසන්නේ වෙඩි තැබීම සඳහා යතුරුපැදියකින් පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ ඇති බවය.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මකය.

සිදුවීමට අදාළ වීඩියෝ දර්ශන පහතින්,

https://youtu.be/fDLEneLktec
Share This Article
Leave a comment