Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

යාපනය එළුදුමට්ටුවාල් ප්‍රදේශයේ පදිංචි 11 හැවිරිදි දැරියක් වස පානය කොට ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (11) ජිවිතක්ෂයට පත්ව ඇති බව කොඩිකාමම් පොලීසිය පවසයි.

පොලීසිය පැවසූවේ පසුගිය 09 වැනිදා අදාළ දැරිය වස පානය කිරීමෙන් අනතුරුව යාපනය චාවකච්චේරි රෝහලට ඇතුළත් කොට තිබු බවය.

පසුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය ජීවිතක්ෂයට පත්වු බවද පොලීසිය පැවසීය.

දැරිය ප්‍රතිකාර ලබන අවස්ථාවේ සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ තුළින් දැරියට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් සඳහන් කළහ. මියගිය දැරිය සිය මව සමඟ නිවසේ ජීවත්ව සිට ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කොඩිකාමම් පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

මේ අතර, හලාවත – කොරයාවත්ත ප්‍රදේශයේ පාළු ඉඩමක තිබී නාඳුනන අයෙකුගේ පිරිමි මළ සිරුරක් හමු වී ඇත.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *