Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඉතා දුෂ්කර හා අභියෝගාත්මක මංගල ලංකා ප්‍රිමියර් ලීග්  තරඟාවලිය පැවැත්වීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය  එම තරඟාවලියේ  දෙවන අදියර 2021 ජූලි මස අවසාන සතියේ සිට අගෝස්තු මස තෙවැනි සතිය දක්වා පැවැත්වීමට සැලසුම් කරමින් සිටින බවට වාර්තා වෙයි.

ඒ සඳහා ලබන වසරේදී   ජාත්‍යන්තර තරු කිහිපයක් ඇතුළත් කර ගනිමින් විශාල හා දීප්තිමත් ආකාරයට තරගය පැවැත්වීමට සැලසුම් යොදා තිබේ.

“2021 LPL තරඟාවලිය සඳහා තවත් එක් කණ්ඩායමක් එකතු කිරීමට සුදානමක් තිබෙනවා. එය බොහෝදුරට ත්‍රිකුණාමලය වනු ඇති  අතර තවත් එක් වැදගත් කාරණයක් වන්නේ එම තරඟාවලිය සඳහා IPL තරඟාවලිය මෙන් පිලිමළුන් පිටු දැකීමේ වටයක් (Play-Off Round) පැවැත්වීම” යයි තරඟාවලියේ අධ්‍යක්ෂ රවීන් වික්‍රමරත්න මහතා පවසා තිබේ.

“ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාව බලා පිටත්ව යන බැවින් පළමු තරඟාවලිය අවසන් කිරීමට අපට නියමිත කාල සීමාවක් තිබුනා. අපි තරඟාවලිය කෙටි කළත්  අපි තරග 23 කට ක්‍රීඩා කළා. ලබන වසරේ තරඟාවලිය අපි ක්‍රීඩා පිටි තුනක පැවැත්වීමට  සිතමින් සිටිනවා.

Image source : SLC

නමුත් COVID-19 වසංගත තත්වය කුමක්දැයි අපි තවමත් දන්නේ නැහැ, අපිට අනාගතය ගැන අනාවැකි කියන්න බැහැ ” යනුවෙන් රවීන් වික්‍රමරත්න මහතා වැඩිදුරටත් අදහස් දක්වා තිබේ.

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය පවත්වන කාල සීමාව ලෙස ජූලි සහ අගෝස්තු අතර තබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට ලිපියක් යවා තිබෙන අතර ඔවුන් එම කාලය තුල අන්තර්ජාතික තරඟාවලි නොපැවැත්වීමට තීරණය කොට තිබේ.

රවීන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කර ඇත්තේ ” කැරිබියන් ප්‍රිමියර් ලීග් තරඟාවලිය (CPL) නොවැම්බරයේ පැවැත්වීමට සැලසුම් කර තිබුනේ. කෙසේවෙතත් එය COVID-19 වසංගත තත්වය හේතුවෙන් මෙවර අගෝස්තු මාසයේ පැවැත්වුනේ. එය ලබන වසරේ කුමන කාලයේදී පවත්වෙයිද කියන්න බැහැ. එම තරඟාවලිය ඇරුනාම වෙන තරඟාවලි කිසිවක් මෙම කාලය තුල පැවැත්වෙන්නේ නැහැ” යනුවෙනි.

මේ අතර ලබන වසර සඳහා ක්‍රීඩකයන්ගේ ගාස්තු වැඩිවීමක් සිදු නොවන අතර කණ්ඩායම් සඳහා ක්‍රීඩකයන් වෙන් කිරීම (Player Draft) කලින් සිදු කිරීමටත් සෑම කණ්ඩායමකටම ප්‍රධාන ක්‍රීඩකයන් (Icon Players) දෙදෙනෙකු වෙන් කිරීමටත් තරඟාවලියේ සංවිධායකයින් තීරණය කර තිබේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *