Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

වයස අවුරුදු 15ක දරුවෙකුව කිඹුලෙකු ඩැහැගෙන යෑමේ සිද්ධියක් ඉත්තිකුලමෙන් වාර්තා වෙනවා.

සාම්පූර් පොලිස් වසමේ ඉත්තිකුලම් වැවේ ඊයේ (27) දිය නෑමට ගිය දරුවන් තිදෙනෙකු අතරින් එක් දරුවෙකු ව එලෙස කිඹුලෙකු ඩැහැගෙන ගොස් අතුරුදහන් වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙම දරුවා තවත් ළමුන් දෙදෙනෙකු සමග ඊයේ (27) දිය නාමින් සිටියදීයි කිඹුලා විසින් ඩැහැගෙන ගොස් ඇත්තේ.

සිසුවාගේ මළ සිරුර මෙතෙක් හමු වී නැහැ.

සාම්පූර් පොලීසිය සඳහන් කළේ පොලිස් නිලධාරීන්, නාවික හමුදාව හා ප්‍රදේශවාසීන් එක්ව දරුවා සොයා ගැනීමේ මෙහෙයුම් සිදුකරන බවයි.

මේ අතර ඊයේ (27) හසලක 17 ඇල ප්‍රදේශයේදී මහවැලි ගගේ දිය නෑමට ගිය 43 හැවිරිදි පියෙක් සහ ඔහුගේ 13 හැවිරිදි පුත්‍රයා දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.

මේවන විට පුත්‍රයාගේ මළ සිරුර සොයාගෙන ඇති අතර පියාගේ සිරුර සොයා ගැනීමට මෙතෙක් හැකියාවක් ලැබී නැහැ.

මෙම පියා සහ මියගිය දරුවා හසලක පොලිස් වසමේ අඹගහපැලැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන්.

දියේ ගිලීමෙන් අතුරුදන්වූ පුද්ගලයා සොයා පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *