Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

KM Karya Indah ( කේ.එම්. කාරියා ඉන්ඩා ) නම් මෙම නෞකාව ඊයේ (29) ඉන්දුනීසියාවේ උතුරු මැලූකු පළාතේ අගනුවර වන ටර්නේට් සිට ඊසාන දිග ඉන්දුනීසියාවේ ලීමෆටෝලා දූපතේ පිහිටි සනනා වරායට ගමන් ආරම්භ කර පැය 15කින් පමණ එම යාත්‍රාවේ එන්ජින් කාමරය තුළ ගින්නක් හටගෙන ඇති බව සදහන් වනවා.

ගින්න වේගයෙන් පැතිරී යෑමත් සමග යාත්‍රාවේ සිටි කාර්‍යමන්ඩලය සහ මගීන් ඇතුළු 200 කට අධික පිරිසෙන් සියලු දෙනාටම සාගරයට පැන දිවි ගලවා ගන්නැයි පවසා ඇති අතර ආරක්ෂිත ඇඳුම් ඇඳගත් බොහෝ දෙනා නෞකාවෙන් සාගරයට පැන ඇති බව සදහන් වනවා.

ගින්න ඇති වූ වහාම අවට තිබූ ධීවර යාත්‍රා නෞකාවේ පිරිසට සහාය දීම සඳහා පැමිණ ඇති බවත් ඉන්දුනීසියානු මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරනු ලබනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *