Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

රජයේ සාර්ව ආර්ථික ගමන්මග “සෞභාගයේ දැක්ම“ සමාජයේ සියලු අයට ප්‍රතිලාභ ලැබෙන සියයට 6ක ආර්ථික වර්ධනයක් පවත්වා ගැනීම ඉලක්කය වන බව ද අගමැතිවරයා මෙහිදී පැවසීය.

2020 ජනවාරි මාසයේ හඳුන්වා දුන් බදු ප්‍රතිපත්තිය අඛණ්ඩය ඉදිරි වසර 5 තුළ ක්‍රියාත්මක කරන අතර, සියයට 8ක් වු වැට් බද්ද දිගටම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා අතර, එමෙන්ම විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් හඳුන්වා දීමට ද පියවර ගැනේ.

ආනයන මත පදනම් ආර්ථිකයක් වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් බිහි කිරීම අවශ්‍යයි

විනිවිදභාවයෙන් යුතු කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කරනවා.

රාජ්‍ය ණය 90% සිට 70% දක්වා පහතට ගෙන ඒමට අපේක්ෂා කරනවා.

දේශීය ආදායම් ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනයට වැඩි වශයෙන් යොදවනවා.

වැට් බද්ද නොවෙනස්ව පවත්වාගෙන යනවා.

ජාතිය ගොඩනැගීමේ බද්ද ගෙවීමේදී සහන ක්‍රමයක් යෝජනා කරනවා.

විශේෂ බදු අභියාචනා උසාවියක් පිහිටුවීමට යෝජනා.

ජාතික ඉතිරිකිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට පියවර ගන්නවා.

අසත්‍ය බදු වාර්තා සකස් කරන්නන්ට එරෙහිව නව නීති.

ඉදිරි 05 වසර තුළ කෘෂිකර්ම, සත්ත්ව හා ධීවර ක්ෂේත්‍රයන් ආදායම් බදුවලින් නිදහස් කෙරේ.

රුපියල් මි. 25ට වැඩි ආදායමක් උපයන ආයතන සඳහා ඇති 8% වැට් බදු එසේම පවතිනු ඇති.

බදු වංචා සඳහා උදව්කරන බදු නිලධාරීන්ට එරෙහිව කටයුතු කළ හැකිවන සේ නව නීති හඳුන්වා දීමට යෝජනා.

නිත්‍ය නිවාස වෙළෙඳපොළ දිරිගැන්වීම සඳහා ආදායම් බදුවලින් නිදහස්.

පොලිස් සේවය ශක්තිමත් කෙරේ.

ආබාධිත රණවිරුවන්ගේ සුබසාදන කටයුතු සඳහා රු.මි.700 ක්.

සමෘධිලාභීන් සඳහා 7%ක ණය ලබාගැනීමට අවස්ථාව.

තාක්ෂණ කේෂ්ත්‍රය පුළුල් කිරීමට රුපියල් බිලියන 8ක්.

බුද්ධිමය දේපළ හා දත්ත ආරක්ෂා කිරීම වෙනුවෙන් නව නීති සම්පාදනය කරනවා.

ගාල්ල, කුරුණෑගල, මඩකලපුව, අනුරාධපුර සඳහා නව තාක්ෂණ උද්‍යාන 05ක් ඇති කරනවා.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු සඳහා රු.මි 18,000ක්.

ත්‍රීපෝෂ නිෂ්පාදනය වැඩිකිරීමට රු.මි 1500 අතිරේක ප්‍රතිපාදන.

හෙද විදුහල උපාධි ලබාදෙන ආයතනයක් බවට උසස් කෙරේ.

සේවක සංඛ්‍යාව 50ට වැඩි කර්මාන්ත සහ ව්‍යාපාරවල සේවකයින්ට රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීමට යෝජනා.

දුෂ්කර පාසල්වල දුරස්ථ අධ්‍යාපනය ඉහළ දැමීම සඳහා රූපවාහිනි යන්ත්‍ර.

රුපියල් බිලියන 15ක ටෙලිකොම් සංවර්ධන අරමුදලක්. එම ව්‍යාපෘතිය 2020 – 2022 යන වර්ෂවල ක්‍රියාත්මක කෙරේ.හෙද විදුහල උපාධි ලබාදෙන ආයතනයක් බවට උසස් කෙරේ.

සේවක සංඛ්‍යාව 50ට වැඩි කර්මාන්ත සහ ව්‍යාපාරවල සේවකයින්ට රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීමට යෝජනා.

දුෂ්කර පාසල්වල දුරස්ථ අධ්‍යාපනය ඉහළ දැමීම සඳහා රූපවාහිනි යන්ත්‍ර.

රුපියල් බිලියන 15ක ටෙලිකොම් සංවර්ධන අරමුදලක්. එම ව්‍යාපෘතිය 2020 – 2022 යන වර්ෂවල ක්‍රියාත්මක කෙරේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *