Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

2021 වර්ෂයේ ඡන්දහිමි නාම ලේඛනයේ ලියාපදිංචි වීමට මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉල්ලුම් කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව වැඩසටහනක් ආරම්භ කර තිබේ.

ඒ අනුව, නව මාර්ගගත ලියාපදිංචියට අදාළ තොරතුරු සපයා ගැනීම මැතිවරණ කොමිෂන් සභාවේ www.election.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් සිදුකළ හැකිය.

2021 වසර සඳහා ඡන්ද හිමි නාමලේඛනයට නම ඇතුළත් කරගැනීමට සුදුසුකම් ලැබූ වයස අවුරුදු 18 සම්පූර්ණ වන ශ්‍රී ලාංකික පුරවැසියන් ලියාපදිංචි කිරීම, පවතින ඡන්ද හිමි නාමලේඛනයේ ස්වකීය නමෙහි අඩුපාඩු හෝ මුද්‍රණ දෝෂ නිවරැදි කිරීම, පදිංචිය වෙනස් වූයේ නම් එය වෙනස්කර ගැනීම, 2020 වර්ෂයේ ලියාපදිංචි නොවූ ඡන්ද දායකයින් ලියාපදිංචි කිරීම මෙම වැඩපිළිවෙල යටතේ සිදුකෙරේ.

මේ සම්බන්ධයෙන් පවතින ගැටලු [email protected] විද්‍යුත් ලිපිනයට යොමු කිරීමේ හැකියාව පවතින බවද එම කොමිසම දැනුම් දෙයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published.