Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2021(2022) සඳහා අයදුම් පත්‍ර කැඳවීමේ අවසන් දිනය දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව අයදුම් පත්‍ර කැඳවීමේ දිනය 2022-01-20 වැනි දිනට සිට 2022-02-03 දක්වා දීර්ඝ කර ඇති බව යි සඳහන් වන්නේ.

මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමයට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic හෝ දෙපාර්තමේන්තු නිල ජංගම යෙදවුම (Mobile App ‘Exams Sri Lanka’) පිවිස අදාළ අයදුම් පතර යොමු කළ හැකි යි.

විභාගය සඳහා රජයේ පාසල් සිසුන් අදාළ පාසලේ විදුහල්පතිවරුන් වෙත දැනටමත් ලබා දී ඇති පරිශීලක නාම (User name) හා මුරපද (Password) භාවිතයෙන් අයදුම් කළ යුතු බව නිවේදනයේ දැක්වෙනවා.

අයදුම් පත්‍රය සම්පූර්ණ කළ පසු එහි මුද්‍රිත පිටපතක් ලබාගෙන අවශ්‍ය අවස්ථාවක ඉදිරිපත් කිරීමට තමන් භාරයේ සුරක්ෂිත ව තබා ගත යුතු බව ද එම නිවේදනයේ සඳහන්.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published.