Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

2022 අයවැය දෙවනවර කියවිමේ පාර්ලිමේන්තු විවාදය අදින් (13) ආරම්භ වේ.

අද පෙරවරු 09.00 පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වීමට නියමිතය.

අයවැය දෙවනවර කියවීමේ විවාදය ලබන 22 වනදා දක්වා දින 07ක කාලයක් පැවැත්වෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේය.

ලබන 22 වනදා පස්වරු 05.00ට අයවැය දෙවන වර කියවිමේ විවාදයේ ඡන්ද විමසීම පැවැත් වේ.

ලබන 23 වනදා සිට අයවැය කාරක සභා විවාදය ආරම්භ වන අතර එය ලබන දෙසැම්බර් 10 වනදා දක්වා දින 16ක් පැවැත්විමට නියමිතය.

දෙසැම්බර් 10 වන දින පස්වරු 05.00ට අයවැය තෙවන වර කියවිමේ විවාදයේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

2022 මුදල් වර්ෂයට අදාළ අයවැය යෝජනාවලිය ඊයේ (12) මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

Leave a Reply

Your email address will not be published.