Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඉන්දියාව තුළ කොවිඩ් වසංගත තත්ත්වය පැතිරයාම ඉහළ යාමත් සමඟ 2022 IPL (ඉන්දීය ප්‍රිමියර් ලීග්) තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීම කෙරෙහි අවදානය යොමුව ඇති බව වාර්තා වනවා.

ඉන්දීය ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ තරගාවලිය පැවැත්වීමට දකුණු අප්‍රිකාව කෙරෙහි ද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවදානය යොමුව ඇති බවයි.

2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ඉන්දියාවේ පැවැත්වීමට කටයුතු කළ අතර එය අතර මැද නවතා දමමින් සියල්ල එක්සත් අරාබි එමීර් රාජ්‍යට හකුලාගෙන යාමට සිදු වුණේ එම සමය තුළ ඉන්දියාවේ කොවිඩ් ව්‍යාප්තිය සීග්‍රයෙන් ඉහළ යාම හේතුවෙන්.

කෙසේ වෙතත් කොවිඩ් තත්ත්වය හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කාලසටහන නැවත වරක් සලකා බලන ලෙසට ද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට බලපෑම් එල්ල වී ඇති බවයි ඉන්දීය ක්‍රීඩා මාධ්‍ය වැඩිදුරටත් වාර්තාකර සිටියේ.

මෙවර තරගාවලිය අදාල ක්‍රීඩක වෙන්දේසිය පෙබරවාරි මස දෙවන සතියේ පැවැත්වීමට සැලසුම්කර ඇති අතර, මෙතෙක් IPL තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයින්ව සිටි සමාගම ඉන් ඉවත් වී ඇති අතර, ලොව ප්‍රකට මෝටර් වාහන සමාගමක් ඒ සඳහා එක්කර ගැනීමට තරග සංවිධායකයින් කටයුතු කර ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published.