Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඉන්දියාවේ ඊසාන දිගින් පිහිටි ඇසෑම් ප්‍රාන්තයේ සිදු වූ මගී යාත්‍රා අනතුරකින් එක් පුද්ගලයකු මියගොස් තවත් 30 දෙනෙකු අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බ්‍රහ්මපුත්‍ර නදියේ ගමන්ගත් මෙම යාත්‍රාව තවත් යාත්‍රාවක ගැටී අනතුරට ලක්ව ඇති අතර අනතුරට පත්වන අවස්ථාවේදී යාත්‍රාවේ පුද්ගලයින් 120 දෙනෙකු පමණ සිට ඇත.

අනතුරට පත්වීමෙන් පසු ජීවිතාරක්ෂක මෙහෙයුම් මගින් පුද්ගලයින් 40 දෙනෙකු බේරාගැනිමට හැකි වී ඇති අතර තවත් පිරිසක් ගොඩබිමට පිහිනා ගොස් ඇත.

අදාළ අනතුරින් මියගොස් ඇත්තේ බේ‍රාගත් දැරියක් බවත් අවම වශයෙන් පුද්ගලයින් 30 දෙනෙකු පමණ අතුරුදන් වී ඇති බවත් ප්‍රාන්ත පොලිස් බලධාරීන් ප්‍රකාශ කර ඇති බවද වාර්තා වේ.

අතුරුදන් වූවන් සොයා ප්‍රදේශවාසීන් සහ පොලීසිය දැවැන්ත මෙහෙයුමක් දියත් කරන බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

යාත්‍රාව අනතුරට ලක් වී සහ ගිලෙන ආකාරය දැක්වෙන වීඩියෝව මෙතනින්,

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *