Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහගේ පොලොන්නරුව බැදිවැව නිවසට කඩා වැදී 300ක පමණ කණ්ඩායමක් නිවසට හා වාහන වලට අලාභ හානි කර බඩු භාණ්ඩ ආදියට හානි සිදුකර තිබෙන අතර අමාත්‍යවරයාගේ පොළොන්නරුව කාර්යාලයටද ප්‍රහාරයක් එල්ල කර ඇත.

මේ අය තමන් හඳුනාගන්නට බැරිවන ලෙස හෙල්මට් පැළඳ සිටි බවද වාර්තාවේ.

මෙම පිරිස රජයට එරෙහි විරෝධතා පළකරන්නන් ලෙස හඳුනාගත නොහැකි වන අතර අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන පුද්ගලික හෝ දේශපාලන එදිරිවාදිකම් පිරිමසන්නන් විය හැකි බවට අනුමාන කෙරේ.

රොෂාන් රණසිංහගේ නිවසට මෙම ප්‍රහාරය එල්ල වී තිබුණේ, ඔහු සිය අමාත්‍ය ධූරයෙන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් නායකත්වයෙන් එළැඹෙන මැයි 01 වැනිදා සිට ඉවත් වන බවට ප්‍රකාශ කර තිබූ මොහොතක වීමද විශේෂත්වයක්.

කෙසේවෙතත් සුපුරුදු පරිදි විරෝධතා විසුරුවා හැරීමට පොලිසිය විසින් කඳුළු ගෑස් එල්ල කරනු ලැබූ බව යි වාර්තා වන්නේ.

සිද්ධියට අදාළ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන අතර එම අවස්ථාවේ වීඩියෝ දර්ශන පහතින්,

Leave a Reply

Your email address will not be published.