NeoCov නම් මාරාන්තික නව කොවිඩ් වෛරස ප්‍රභේදයක් සම්බන්ධයෙන් චීනයේ වූහාන් හි විද්‍යාඥයින් පිරිසක් අනතුරු අඟවා තිබේ.
මුල් කොවිඩ් ප්‍රභේදයට සාපේක්ෂව ඉහළ ව්‍යාප්ති හැකියාවක් ඇති මෙම ප්‍රභේදය මෙතෙක් හමුවී ඇති වඩාත් මාරාන්තිකම කොවිඩ් ප්‍රභේදය වියහැකි බවටද ඔවුන් අනතුරු අඟවා ඇත.
දකුණු අප්‍රිකාවේ වවුලන් ගහනයකින් සොයාගත් මෙම වෛරසය සතුන් අතර පමණක් ව්‍යාප්ත වන බව මෙතෙක් හඳුනාගෙන තිබුණත්, එය මිනිසුන් අතර වුවත් පහසුවෙන් පැතිරයාමේ හැකියාවක් ඇතැයි විද්‍යාඥයින් පවසයි.
ඔවුන් වැඩිදුරටත් අනතුරු අඟවන්නේ 35% පමණ ඉහළ මරණ අනුපාතිකයක් ඇති කළ හැකි මෙම වෛරසය මිනිසුන් අතර පැතිර ගියහොත් දැවැන්ත විනාශයක් ඇති විය හැකි බවය.