Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

5 වන වතාවටත් IPL කුසලානය හිමිකර ගැනීමට Mumbai Indians කණ්ඩායම සමත් වුණා.

ඒ අද පැවති අවසන් තරඟයේ Delhi Capitals කණ්ඩායම පරාජයට පත් කරමින්.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් දිල්ලි කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ දිල්ලි කණ්ඩායමට කඩුළු  06ක් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 156ක් පමණයි. දිල්ලි කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතක දෙකක් ලබාගැනීමට නායක ශ්‍රේයස් අයියර් සහ රිශ්බා පාන්ට් සමත් වුනා. පන්දු යැවීමේදී මුම්බායි කණ්ඩායම වෙනුවෙන් ට්‍රෙන්ට් බෝල්ට් සිය පන්දුවාර හතර තුලදී ලකුණු 30කට කඩුලු 03ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල මුම්බායි කණ්ඩායම පන්දු වාර 18.4 අවසානයේ කඩුළු 5ක් පමණක් දැවී නියමිත ඉලක්කය පසු කරමින් තරඟය ජය ගත්තා.

මුම්බායි පිල වෙනුවෙන් නායක රෝහිත් ශර්මා ලකුණු 68ක් ලබාගත්තා.

මෙවර IPL ශුරතාවලියේ අවසන් මහා තරඟයේ වීරයා ලෙස ට්‍රෙන්ට් බෝල්ට් නම් කෙරුණු අතර, තරඟාවලියේ වටිනාම ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට Rajasthan Royals කණ්ඩායමේ ජොෆ්රා ආචර් සමත් වුනා.

තරඟාවලියේ නැගී එන ක්‍රීඩකයා බවට Royal Challengers Bangalore කණ්ඩායමේ දෙව්දුත් පඩික්කාල් නම් වුනා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *