Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මේ දිනවල ෆේස්බුක්‌ ඇතුළු සමාජ මාධ්‍ය අඩවිවල සිටින පරිශීලකයන්‌ අතර #5differentlookchallange නම්‌ තමන්ගේ ඡායාරූප පළකරන අභියෝගයක්‌ ලැව්‌ ගින්නක්‌ සේ
පැතිර යන අතර සමාජ මාධ්‍යවල සිටින සෑම පරිශිලකයෙක්ම පාහේ එය රැල්ලට සිදුකරන ආකාරයක් දක්නට ලැබෙයි.

‌යම්‌ සමාජ මාධ්‍ය පරිශිලකයෙක්‌ ඡායාරූප කිහිපයක්‌ ඉහත සඳහන් (Tag)‌ ටැගය යටතේ ෆේස්බුක්‌ වෙබ්‌ අඩවියෙහි පළකලවිට එම පොස්ටුවෙහි පෞද්ගලිකත්ව සැකසුම්‌ පවතින්නේ පොදු (Public) වශයෙන්‌ නම්‌ පොස්ටුව පළකිරීමේදී යොදාගත්‌ ටැගය හරහා එම සමාජ මාධ්‍ය පරිශිලකයාගේ ගිණුමෙන්‌ පරිබාහිර පිටස්තර පුද්ගලයන්ට පවා එම පොස්ටුවෙහි අඩංගු ඡායාරූප නැරඹීමේ හැකියාවක්‌ පවතී.

මෙවැනි සමාජ මාධ්‍ය තුල පැමිණෙන නව ප්‍රවනතා හදුනාගනිමින්‌ දත්ත එක්රැස්‌ කිරීම්‌ සිදුකරන කණ්ඩායම්‌ හා සයිබර්‌ අපරාධ කරුවන්‌ විසින්‌ ඉතා පහසුවෙන්‌ මෙම ටැගයන්‌
භාවිතා කරමින්‌ ෆේස්බුක්‌ වෙබ්‌ අඩවි වෙත පොදු (Public) ආකාරයට මුදාහරින ලද ඡායාරූප රැස්කොට ගබඩාකර තබගැනීමක්‌ සිදුකළ හැකිය.

මෙලෙස සයිබර්‌ අපරාධ කරුවන්‌ විසින්‌ රැස්‌ කරගනු ලබන ඡායාරූප පසුකාලීනව ව්‍යාජ ෆේස්බුක්‌ ගිණුම්‌ නිර්මාණය සදහා මෙන්ම විවිධ වූ වෙබ්‌ අඩවි සදහා ද එක්විය හැකි අතර අයිතිකරුවාගේ අනුදැනුමකින් තොරව දත්ත සහ ජායාරුප සයිබර් අපරාද සඳහා යොදාගැනීමේ දැඩි ඉඩක් පවතියි.

මෙවැනි ටැගයන්‌ යටතේ ෆේස්බුක්‌ පරිශිලකයන්ගේ ඡායාරූප හුවමාරු කරගැනීමට යාමේදී එම පොස්ටුව පරිශීලක ඔබගේ මිතුරන්ට පමණක්‌ නැරබීමට හැකි ලෙස (Friends Only) පෞද්ගලිකත්ව සැකසුම්‌ (Privacy Settings) සකස්කොට හුවමාරු කරගැනීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා තාක්ෂණ සංගමය Facebook පරිශීලකයින්ට දැනුම් දී සිටියි.


Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *